Friday, September 6, 2013

ඔබේ ඇන්රොයිඩ් ෆෝන් එකේ බැටරි බලය ඉතුරුකරගමු..

     ඔබේ ඇන්රොයිඩ් ෆෝන් එකේ බැටරි බලය ඉතුරුකරගමු..



හායි යාලුවනේ අද මම ඔයාලට කියාදෙන්න යන්නේ කොහොමද අපි බැටරිය save කරගන්නේ කියල..ගොඩාක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේ ඉක්මනින් බැටරි බහින එක..අපිට පුළුවන් යාලුවනේ පොඩි දේවල් ටිකක් කරලා ෆෝන් එකේ බැටරි ආයු කාලය පොඩ්ඩක් වැඩි කරගන්න.ඒ වගේම මම අද බැටරි ආයු කාලය වැඩි කරගන්න පුළුවන් ඇපස් වගයකුත් දෙනවා එවලින් පුළුවන් තමාගේ ෆෝන් එකේ බැටරි කාලය වැඩියෙන් ටිකක් පවත්වාගෙන යන්න..මෙන්න එහෙනම් මුල් පියවර ටික..

  1. මුල් පියවර තමයි ඔයාලා ෆෝන් එක නිදාගන්න යද්දී ඔෆ් කරලා නිදාගන්න..මොකද අපිට rest එකක් ගන්නවා වගේ ෆෝන් එකටත් rest එකක් අවශ්‍යයි..එහෙම ඔයාල කරනවනම් ඔයාලගේ බැටරි ඉදිමෙන ලෙඩ ඉක්මනින් බැටරි බහින එක වෙන්නැතුව ගොඩක් කල් බැටරි එක use කරන්න පුළුවන් වෙන බැටරියක් replace කරන්නැතුව..
  2. දෙවන පියවර තමයි පුළුවන් සැමවිටම ෆෝන් එකට රස්නේ නැති හොද cool තැනක තියන්න..මොකද ෆෝන් එක වැඩ කරද්දී heat වෙනවා heat වෙන එක ප්‍රධාන සාදකයක් ඉක්මනට බැටරි බහින්න..ඒ නිසා ඔයාලා ෆෝන් එකෙන් වැඩ කරලා ඉවර වෙලා පුලුවන්නම් cool ස්ථානයකින් ෆෝන් එක තියන්න..එකෙනුත් ඔයාලට බැටරි බහින එක අඩු කරගන්න පුළුවන්..
  3. තමන්ගේ ඇස් වලට පෙනෙන ප්‍රමාණයට BRIGHTNESS අඩු කරගන්න  


4.ඔබට අවශ්‍ය නැති සැමවිටම  ෆෝන් එකේ 3G,BLUETOOTH,WIFI ඔෆ් කර තබන්න..මොකද අනවශ්‍ය වෙලාවලටත් ඒවා ඔන් කර තැබීම ෆෝන් එකේ බැටරි අඩුවීමට ප්‍රදාන ලෙස බලපානවා..

5.ඔයාලගේ ෆෝන් එකේ අනවශ්‍ය වෙලාවට GPS,LOCATION ඔෆ් කරලා තියන්න 

6.ඔයාලගේ ෆෝන් එකේ screen time out එක තත්පර 15ත් හෝ 30ත් අතර පමණක් තියන්න

7.සැමවිටම අනවශ්‍ය ලෙස ෆෝන් එකේ run වෙන apps task manager එක මගින් remove කරන්න

8.ෆෝන් එකේ අනවශ්‍ය ලෙස vibrate,touch sounds දාලා තියනවනම් ඒවා අයින් කරන්න 


ඔන්න ඕවගේ පොඩි පොඩි දේවල් කරලා පුළුවන් අපේ ෆෝන් එකේ බැටරි බහින එක අඩු කරගෙන ටික වෙලාවක් ආයු කාලය වැඩි කරගන්න...මම ඔයාලට බැටරි save කරන apps ටිකකුත් දෙනවා මේවා තමයි දැනට තියන හොදම බැටරි saving apps..ඔයාලත් ඒවා download කරන් දාල බලන්න..


1.juicedefender ultimate





2.Du battery saver and switch widget




3.Battery doctor





4.Easy battery saver




5.Go battery saver & widget




6.Green power premium





ඔන්න ඔය app ඔයාලගේ ෆෝන් එකට install කරගෙන එවලිනුත් පුළුවන් ඔයාලට ඉක්මනින් බැටරි බහින එක අඩු කරගන්න..මම මේ පොස්ට් එක දැම්මේ ඔයාලට වැදගත් වෙන නිසා..ඔයාලට වැදගත් උනානම් පොඩි කොමෙන්ට් එකකුත් ගෙන යන්න..එහෙනම් නැවතත් තව පොස්ට් එකකින් හමුවෙමු..

1 comment: