Sunday, September 8, 2013

ඇන්රොයිඩ් ෆෝන් එකක් රූට් කිරීම යනු කුමක්ද??

        ඇන්රොයිඩ් ෆෝන් එකක් රූට් කිරීම යනු කුමක්ද??




හලෝ යාලුවනේ ඔන්න මම අදත් ආවා අලුත් පොස්ට් එකක් අරන්..අද මම කියල දෙන්න යන්නේ ඇන්රොයිඩ් දුරකථන ROOT කරනවා කියන එක ගැන..සමහර අය මේ දේ ගැන දන්නවත් ඇති එත් සමර ඇන්රොයිඩ් වලට අලුතින් ආපු යාළුවන්ට මේ පොස්ට් එක ප්‍රයෝජනවත් වෙයි..

ඇන්රොයිඩ් ෆෝන් එකක් රූට් කරනවා කියන්නේ මොකක්ද??


ඇන්රොයිඩ් ෆෝන් එකක් ROOT කරනවා කියන්නේ ඔබගේ දුරකතනයේ පාලනය සම්පුර්නයෙන්ම ඔබේ අතට ලැබෙනවා කියන එකයි..ඒ කියන්නේ ඔයාලට ඇන්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ ADMIN බලතල ලැබෙනවා..ඔබේ ඇන්රොයිඩ් නිපදවන හැම දුරකථන සමාගමකින්ම ඔබේ දී තියෙන්නේ GUEST බලතලය..ඒ කියන්නේ අපිට ෆෝන් එකට එන අනවශ්‍ය ඇප් එකක්වත් අයින් කරන බලතල නැ..මොකද අපි ඇන්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ GUEST කෙනෙක් නිසා..එත් ඇන්රොයිඩ් ෆෝන් එකේ රූට් කිරීමෙන් පසු ඔබ ඇන්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ ADMIN නිසා තමාට කැමති දෙයක් කිරීමට හැකියාව ලැබෙනවා..

ඇන්රොයිඩ් දුරකතනයක් රූට් කිරීමෙන් අපට ලැබෙන වාසි මොනවද??




රූට් කිරීමෙන් අපිට බොහෝ වාසි ලැබෙනවා..මොකද අපේ ෆෝන් එකේ ඇන්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ බල තල අපිට ලැබෙනවා කියන්නේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එකයි..රූට් කිරීමෙන් ලැබෙන වාසි ටිකක් අපි බලමු..

1.අපේ ඇන්රොයිඩ් දුරකතනයේ ඇති අනවශ්‍ය system files පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව..

2.අපිට අවශ්‍යනම් ෆෝන් එකට system එකට වෙනත් දුරකතනවල system apps,boot animation සහ සිංහල අකුරු බැලීමට නොහැකි ෆෝන් සිංහල දැමීමට හැකිවීම..

3.අපේ ෆෝන් එකේ තිබෙන වේගයට වඩා තවත් වේගවත් කිරීමට හැකිවීම..(OVERCLOCK කිරීම) සැ.යු.(ගොඩක් OVERCLOCK කිරීමට යාම ඔබේ දුරකතයනට හානි වීමට ඉඩ ඇත )

4.අපේ ෆෝන් එකේ phone memory එකට save වෙන apps SD card එකට move කිරීමේ හැකියාව ලැබීම..

5.රූට් කිරීමෙන් පසු ඒ සදහා රූට් සදහාම වෙන්වූ apps වලින් ඔබේ ඇන්රොයිඩ් ෆෝන් එකේ වේගය වැඩිකරගැනීම,බැටරි බලය තවත් ඉතුරු කරගැනීම අනවශ්‍ය run වෙන apps අයින් කර ඔබගේ දුරකතනයේ ram එක නිදහස් කිරීම..


ඇන්රොයිඩ් දුරකතයක් රූට් කිරීමෙන් අපට වෙන අවාසි මොනවද??

ඇන්රොයිඩ් දුරකතනයක් රූට් කිරීමෙන් වෙන්නේ එක අවාසියක් යාලුවනේ..එක තමයි ඔයාලගේ ෆෝන් එකේ warrenty තියනවනම් ඒ warrenty නැතුව යනවා එක තමයි වෙන ප්‍රධාන අවාසිය..නැත්තම් වෙන අපේ දුරකතනයට අවාසියක් වෙන්නේ නැ..


ඔන්න ඕක තමයි යාලුවනේ ඇන්රොයිඩ් ෆෝන් එකක් රූට් කරනවා කියන්නේ..රූට් කිරීම මම හිතන්නේ ෆෝන් එකට කිරීමට අත්‍යවශ්‍ය වැදගත් දෙයක්.අපි රූට් කිරීමෙන් ලැබෙන වාසි සහ අවැසි ගැනත් කතා කලානේ..මම හිතනවා රූට් ගන්න දන්නා අයටයි නොදන්නා අයටයි මේ ලිපිය වැදගත් වෙන්නැති කියලා..ඔන්න එහෙනම් යාලුවනේ අපි යනවා ඊලග ලිපියෙන් මම කියල දෙන්න SONY XPERIA 2012 DEVICES කොහොමද රූට් කරගන්නේ කියලා.එහෙනම් ඊලග පොස්ටුවෙන් හමුවෙමු..ඔබට සුබ දවසක්..

7 comments: